සියලු මරණවල PCR කළ යුතු නෑ! PCR කළ යුතු මරණ මෙන්න!

November 16, 2020 at 9:58 pm | by emanisa.lk

නිවෙස්වල සිදුවන සියලු මරණ සඳහා PCR පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

PCR පරීක්ෂණ කළ යුතු මරණ සම්බන්ධයෙන් අද සෞඛ්‍ය අමාත්‍යංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ

ඒ අනුව රෝහල්වල දී, හුදෙකලා ප‍්‍රදේශවල දී සහ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයෙකු හෝ නිරෝධායන වන පුද්ගලයෙකු මරණයට පත්වුවහොත් පමණක් පී සී ආර් පරීක්‍ෂණ සිදුකළ යුතු බවට එම චක‍්‍රලේඛයට ඇතුළත් කිරීමට නියමිත ය.

ඉන් පරිබාහිර මරණ සඳහා පී සී ආර් පරීක්‍ෂණ සිදුකිරීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය එම චක‍්‍රලේඛයෙන් දන්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස