සහරාන්ලා මෛත්‍රී ජනාධිපති කරලා රනිල් අගමැති කරන්න වැඩ කළා!

August 19, 2019 at 3:17 pm | by emanisa.lk

සයින්දමරුදු ජනතාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණ සහරාන් සහයෝගය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බලයට පත් කිරීමට බව සාක්ෂි දෙමින් කියා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

හෝකන්දර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

මරාගෙන මැරෙන්න සහාරාන් ප්‍රමුඛව බිහිවු ත්‍රස්තවාදී කණ්ඩායම එක් වරම බිහි වීමට හේතු වුයේ කුමක්දැයි යන්න ප්‍රශ්නයක් බවත් ඔවුන්ට ඒ වන විටත් කිසිදු ඉල්ලීමක් නොතිබු බවත් ප්‍රහාරයෙන් පසු අයි එස් සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම බාර ගත් නමුත් එම සංවිධානයවත් ප්‍රහාරයේ අරමුණ කුමක්දැයි ප්‍රකාශ නොකළ බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටියි.

සහරාන් ප්‍රමුඛ ත්‍රස්තවාදීන් 2015 ජනවාරි 8 වනදා වැඩ කළේ මෛත්‍රී පාලනයට බවත් අනතුරුව මහ මැතිවරණයේ දී එජාපයට සහාය දුන් බව සයින්දමරුදු ජනතාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණ ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

2017 දී බෝම්බ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දේවල් මෙරටට රැගෙන එන විටත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට වත්මන් රජය යටතේ පොලීසිය පියවර නොගත් බවත් ඒ අනුව දේශපාලන බලයෙන් සහරාන් නිර්මාණය කර හදිසි තත්ත්වය ගොඩ නැගීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කළ බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සහරාන් පිටුපස ඇත්තේ බටහිර දේශපාලනය බවත් ලංකාවේ පිහිටීම අතින් ඇති සුවිශේෂි වැදගත්කම හේතුවෙන් අද මේ රට රනිල් වික්‍රමසිංහ නම් බටහිරට ගැති රූකඩ පාලකයාව බලයට ගෙනවිත් ඔහු මඟින් රට අත්පත් කර ගැනීමේ ක්‍රියාන්විතයක් සිදු වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස