සහරාන්ට බෝම්බ ගහන්න ආණ්ඩුවෙන් රු. කෝටි 05ක්!

May 25, 2019 at 7:45 am | by admin

2016 වසරේ ඇති වූ ගං වතුරට හසු වූ ඉන්ෂාෆ් අහමඩ්ට ඊබ්‍රහිම්ට අයත් ක්ලොසස් නම් තඹ කම්හලට රු. කෝටි 5ක වන්දියක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. මෙම මුදල ගං වතුර හානිපූර්ණය සඳහා එක් අයකුට ලැබුණු විශාලතම වන්දි මුදල ද යන්න සොයා බැලිය යුතුය.

කෙසේ වුවද ඊබ්‍රහිම් එම සම්පූර්ණ මුදල ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ට ලබා දී තිබේ. මෙම කරුණු හෙළි කළේ පාස්කු ත්‍රස්ත කල්ලියට තාක්ෂණික සහාය ලබා දුන් බවට සැකපිට පසුගිය 27 වෙනිදා අත්අඩංගුවට ගත් අක්‍රම් අහක්කම් නම් මෘදුකාංග ඉංජිනේරුවා විසිනි.

ප්‍රහාරයට දින කිහිපයකට පෙර ද ඉන්ෂාෆ් අහමඩ් පෞද්ගලික බැංකුවක සිය ගිණුමින් රු. ලක්ෂ 300ක පමණ මුදලක් ගෙන සහරාන් හෂිම්ගේ සොහොයුරා වන රිල්වාන්ට ලබා දී ඇතැයි හෙළි වී ඇත. ඒ ඉදිරි ප්‍රහාර සඳහාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස