සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය කලපුවකින් හමුවෙයි! සබඳතා පැවැත් වූ සියලු දෙනා හෙළිවන හැඩ! (video)

June 1, 2019 at 10:23 am | by admin

අක්කරෙයිපත්තුව – පාලමුණේ කලපුවේ තිබී සහරාන් හෂීම්ගේ බවට සැලකෙන ලැප්ටොප් පරිගණකයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කරයි.

ඒ පසුගිය මැයි 22 වනදා බුද්ධි තොරතුරු මත අත්අඩංගුවට ගත් ශාහුල් හමීඩ් මොහොමඩ් හමීඩ් හෙවත් කල්මුණේ ෂියාම් නමැති සැකකරුගෙන් ලද තොරතුරු අනුවය.

කල්මුණේ ෂියාම්, පාස්කු ඉරිදා ප්‍රහාර සිදුකළ සහරාන්ගේ සම්බන්ධීකාරකවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුගෙන් ලද තොරතුරු මත සාලමුනේ නිවසක තිබී රුපියල් ලක්ෂ 35 ක මුදලක් ද සොයා ගැනිමට හැකි විය.

මීට පෙර ද සැකකරුගෙන් ලද තොරතුරු මත අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ 5 ක මුදලක් සහ රුපියල් ලක්ෂ 10ක මුදලක් සොයා ගෙන ගෙන ඇති අතර ඔහුගෙන් ලද තොරතුරු අනුව සොයා ගෙන ඇති මුදල ලක්ෂ 50කි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස