සමෘද්ධි ප්‍රචාරක කටයුතුවල වියදම් ගැන අහද්දි දයා ගමගේ කට්ටි පනිනවා! – අනුර දිසානායක

June 6, 2019 at 5:06 pm | by emanisa.lk

අලුතින් සමෘද්ධිය ලබා දීමේ වැඩසටහනේ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් කෝටි 24කට අධික මුදලක් වැය කිරීම පිළිබඳ විමසූ ප්‍රශ්නවලට අමාත්‍ය දයා ගමගේ පිළිතුරු නොදී හිතාමතා මග අරින බවට ජවිපෙ නායක අනුර දිසානායක චෝදනා කරයි.

අලුතින් පවුල් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උළෙල පසුගියදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අම්පාරේ පැවති අතර එහි දී ප්‍රචාරණ කටයුතු සඳහා අති විශාල මුදලක් වියදම් කර ඇති බවත් එම මුදල් සමෘද්ධිලාභීන්ගේ ඉතිරිකිරීම්වලින් පියවා ගැනීමට සූදානම් වන බවටත් චෝදනා නැඟිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස