රිෂාඩ් ඇමතිතුමා ඉල්ලා අස්වෙන්න ලෑස්තියි! විශ්වාසභංග අවශ්‍ය නෑ! – දයා ගමගේ

May 23, 2019 at 3:09 pm | by admin

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට චෝදනාවක් එල්ල වී ඇත්නම් ඒ පිළිබඳව ඔහු තීරණයක් ගත යුතුව ඇති බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවැසිය.

උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමින් ඔහු මේ බව පැවැසීය.

“රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයාට එරෙහිව මොකක් හරි චෝදනාවක් එල්ල වී තිබෙනවා නම් මම හිතන්නේ එතුමා තීරණයක් ගත යුතුයි.

එතුමා අපි හමුවුණ වෙලාවේ කිව්වා මම ඕන වෙලාවක ඉල්ලා අස්වෙන්න ලෑස්තියි කිව්වා. විශ්වාසභංග යෝජනාවක් කවුරුවත් ගේන්න අවශ්‍යතාවක් නෑ එතුමාම ඉල්ලා අස්වෙන්න ලෑස්තිවෙලා ඉන්නේ.

විපක්ෂයට ඕන විදිහට එක එක්කෙනාට විශ්වාසභංග යෝජනා ගෙනල්ලා ඇමතිවරු අස්කරන්න අපි අවස්ථාව දෙන්නේ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *