සම්බුද්ධ ශාසනයට කළ දැවැන්ත සේවය වෙනුවන් හිරේ ළඟින්න සූදානම්! – සජිත්

August 1, 2020 at 9:28 am | by emanisa.lk

තමා ඇමැතිවරයකු වශයෙන් සිටියදී ශාසනයේ හා සංස්කෘතික දියුණුව වෙනුවෙන් කළ දේ වරදක් නම් සිරගත වීමට වුවද සූදානම් බව සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

සමඟි ජන ජනබලවේගයේ වත්තල පැවති ප්‍රධාන රැලියකට සහභාගි වෙමින් හෙතෙම ඊයේ (31) මේ බව ප්‍රකාශ කළේය.

“දැන් අපිටත් චෝදනා කරනවා අපේ කාල වකවානුව තුළ මුදල් අවභාවිත කළයි කියලා. අපි කරපු කියපු හැම දෙයක්ම කරලා තියෙන්නේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය තකා. මෑත ඉතිහාසයේ අටමස්ථානයට, සොළොස්මස්ථානයට, දීඝවාපියට, පන්සල් පද්ධතියට මේ තරම් විශාල මුදල් කන්දරාවක් කිසිම දවසක වෙන් කළේ නැහැ. අපි ඉතාමත් ශ්‍රද්ධාවෙන් ආගමට භක්තිය තියෙන ළැදියාව තුළ ඒ වැඩකටයුතු සියල්ලක්ම ක්‍රියාත්මක කළා.

ජය ශ්‍රී මහා බෝධීන් ආරක්ෂා කරන්නට නායක ස්වාමීන් වහන්සේ ලක්ෂ 420ක උපකරණ කට්ටල ඉල්ලුවා. අය දෙකක් බැලුවෙ නෑ එක පෑන් පහරින් අනුමත කළා. ඒවා දැන් වැරදි වැඩ විදියට හඳුන්වනවා. ප්‍රායෝගික බෞද්ධයෙක් හැටියට මේ රටේ පන්සල් පද්ධතියට ඉහළම වැඩ කොටස මම කරලා තියෙනවා. මේ වගේ දැවැන්ත සේවාවක් කරලා සජිත් ප්‍රේමදාස ඕන වෙලේක හිරේ ලගින්න වුණත් ලෑස්තියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස