සඳහිරුසෑයේ සමාධි පිළිමයට රන් දුන් රේගු නිලධාරීන් අත්අඩංගුවට!

September 27, 2019 at 10:52 pm | by emanisa.lk

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ පතිරගේ දොන් තාරක සෙනෙවිරත්න යන අය මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් අද (27) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අනුරාධපුර ‘සඳහිරු සෑයේ’ තැන්පත් කිරීමට කිලෝ ග‍්‍රෑම් 8ක බරකින් යුත් සමාධි බුදු පිළිමයක් නිර්මාණය කිරීම සදහා ශ්‍රී ලංකා රේගුව සතු රත‍්‍රන් ලබාදී සාපරාධී විශ්වාසය කඩකළේය යන චෝදනාවකට අදාළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

තිස් වසරක් මුළුල්ලේ පැවැති බිහිසුණු එල්. ටී. ටී. ඊ. යුද්ධය අවසන්කර සාමය උදාකිරීම පිළිබඳ සාමයේ සංකේතයක් ලෙස සඳහිරු සෑය ඉදිකිරීම ආරම්භ කළේ 2010 නොවැම්බර් 22වෙනිදාය. ඒ ත්‍රස්තවාදය නිමාකර එක්සේසත් කළ ශ්‍රී ලංකාව සඳහිරු පවතින තුරු ඒකීය රටක් ලෙස පැවතිය යුතු බව අධිෂ්ඨාන කරමින් පළාත් නවයේ ස්තූප 9ක් ඉදිකිරීමේ සැලසුමක් අනුවය.

එහි ධාතු නිධන් කිරීම පිළිබඳ වීඩියෝවක් පහත දැක්වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස