සජිත් රංජන් නැති අඩුව මකයි….! ප්‍රසිද්ධ දුරකතන ඇමැතුම් රාජකාරි වහා අරඹයි….!

January 16, 2021 at 8:47 am | by emanisa.lk

රටේ උපකාරක පන්ති ක්ෂේත්‍රය නැවත ආරම්භ කිරීම වෙනුවෙන් තමන් පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ ඊයේ (15) සමස්ත ලංකා උපදේශකවරුන්ගේ සංගමය හමු වී සාකච්ඡා කළ අවස්ථාවේ ය.

එහි දී විපක්ෂ නායකවරයා සිය දුරකතනයේ ස්පීකර් දමා හමුදාපතිවරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද දුරකතන ඇමැතුම් ලබා ගත්තේ ය.

කෙසේ වුව ද මෙහි දී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යංශ මාර්ගෝපදේශන මාලාව ලැබුණු වහා උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට අවසර දීමට සියලු කටයුතු සූදානම් බවත් එහි විසඳීමට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස