සජිත් පක්ෂ මූලස්ථානයේදීම මැතිවරණ නීති කඩයි! ප්‍රදර්ශිත නම සහ ඡායාරූප ඉවත් කරන්නැයි නියෝග!

June 25, 2020 at 11:01 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති පක්ෂ නායක හා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ නම සහ ඡායාරූපය කඩිනමින් ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද (25) එම පක්ෂයට දැනුම් දී තිබේ.

කොළඹ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට අද (25) දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ නිරීක්ෂණය කර තිබුණි.

පක්ෂ නායකයා වන සජිත් ප්‍රේමදාස අපේක්ෂකයෙකු බැවින් ඔහුගේ නම සහ ඡායාරූපය සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනය කළ නොහැකි බව එහිදී එම නිලධාරීන් පක්ෂ කාර්යාලයේ සිටි පුද්ගලයින්ට දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස