සජිත්ගේ ව්‍යාපාරික හමුවට එක ව්‍යාපාරිකයයි! සබිතාගේ බිල්ඩිමේ හිමිකරු ඔහුයි!

October 23, 2019 at 8:14 am | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ව්‍යාපාරික හමුව රටේ ප්‍රමුඛ පෙළේ සියලු ව්‍යාපාරිකයන් වර්ජනය කර ඇතැයි වාර්තා වෙයි.

මෙම ව්‍යාපාරික හමුවට සහභාගී වූ එකම ව්‍යාපාරිකයා උපාලි ජයසිංහය. පසුගිය සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වා ගෙන යාමට ආණ්ඩුව කුළියට ගත් රාජගිරියේ පිහිටි ගොඩනැඟිල්ල ඔහුගේය. මෙම ගනුදෙනුව නිසා අති විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමට ඔහුට හැකි විය.

මේ අවස්ථාවේ ශාලාව පිරවීම සඳහා පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානවල සේවය කරන පිරිසක් රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා යැයි පවසා ගෙන්වා ගැනීමට සංවිධායකයන් කටයුතු කර තිබේ. එම පිරිස ද සජිත් ප්‍රේමදාසට සහාය දක්වන අය නොවන බව අනාවරණය වීම නිසා සංවිධාකවරුන්ට දැඩි දොස් මුරයකට ද ලක්ව ඇතැයි ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ අතර 2400කට අධික විද්වතුන් ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් වියත්මග සම්මන්ත්‍රණය පසුගියදා පැවති අතර ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් ජනතාව සවිබල ගැන්වීමේ සැලැස්ම බලගැන්වීමට එකතු වීමට එම පිරිස එකඟ වූහ.

සජිත්ගේ ප්‍රේමදාසගේ ව්‍යාපාරික හමුවෙහි සහ ගෝඨාභය රාජපක්ෂගේ වියත්මග වෘත්තික ව්‍යාපාරික හමුවෙහි ඡායාරූප කිහිපයක් පහත දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස