සජිත්ගේ තාත්තා රජවෙලා හනිමුන් ගියේ ප්‍රභාකරන් එක්ක! කොටින්ට ආයුධ ලොරි 11ක් සහ මිලියන 100ක් දුන්නේ සජිත්ගේ තාත්තා! – වර්ධරාජා පෙරුමාල්

November 13, 2019 at 8:25 am | by emanisa.lk

තමාට ඊළාම් කොඩිය එසවූයේ යැයි චෝදනා කරන එජාපය එදා රට දෙකඩ කිරීමට රටේ හමුදාවට එරෙහිව සටන් කළ කොටි සංවිධානයට ආයුධ ලොරි 11ක් සහ රු. මිලියන 100ක මුදලක් ලබා දුන් බව උතුරු නැඟෙනහිර ප්‍රථම මහ ඇමති වර්ධරාජා පෙරුමාල් පවසයි.

ආර්. ප්‍රේමදාස ජනාධිපති වී මධුසමය ගතකළේ කොටි සංවිධානය සමග බවත් රටට එරෙහිව සටන් කළ කොටි සංවිධානය සහ ඔහු මිතුරන් වූ බවත් වර්ධරාජා පෙරුමාල් හෙළි කළේය.

මේ වන විට බහුතර සිංහල ජනතාව ද සැලකිය යුතු දෙමළ සහ මුස්ලිම් ජනතාවක් ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දැක්වීමට තීරණය කර ඇති නිසා දෙමළ ජාතික සන්ධානය සහ රිෂාඩ් බදියුදීන්ලා ඇතුළු අන්තවාදී මුස්ලිම් පක්ෂ කලබල වී බොරු චෝදනා කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය සඳහා දෙමළ ජාතික සන්ධානය ඇතුළු අන්තවාදීන්ගේ සහයෝගය උවමනා නැතැයි හිටපු මහ ඇමතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස