සජබ මන්ත්‍රිනියගේ තෙමහල් නිවසේ කසිප්පු පෙරළා….! හිටපු මන්ත්‍රී සැමියා ගෝඩා සහ කසිප්පු සමඟ අත්අඩංගුවට…!

June 16, 2021 at 7:11 am | by emanisa.lk

මාතර මාකාවිට ප්‍රදේශයේ තෙමහල් නිවසක නීති විරෝධී ලෙස කසිප්පු පෙරමින් සිටි මාතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හා ඔහුගේ ගෝලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

සම්පූර්ණයෙන් වැඩ නිම නොකල නිවසේ කාමරයක් තුළ ගෑස් ලිපක් යොදා කසිප්පු පෙරීම සිදු කර ඇති බව පොලීසිය කියයි.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා හා ඔහුගේ ගෝලයා සන්තකයේ තිබී ගෝඩා මිලි ලීටර් 20000 ක්, කසිප්පු මිලි ලීටර් 4750ක් හා ඒවා පෙරීමට ගන්නා උපකරණ පොලීසිය භාරයට ගෙන ඇත. පොලීසිය වෙත ලැබුණු තොරතුරකටඅනුව මෙම වැටලීම සිදු කර තිබේ.

මාතර මාකාවිට පදිංචි 56 හැවිරිදි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ගාල්ල තවලම පදිංචි 38 හැවිරිදි ඔහුගේ ගෝලයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සැකකාර මන්ත්‍රීවරයාගේ බිරිද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රජයේ රැකියාවක් සිදු කරන බව ද ඈ සමගි බලවේගයෙන් ප්‍රාදේශීය සභාවට පත් කළ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන බව ද කියති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *