ශ්‍රීලනිප බිම් මට්ටම තවත් දෙදරයි! දෙවිනුවර අපේක්ෂකයෝ දේශපාලන කටයුතුවලින් ඉවත් වෙයි!

July 1, 2019 at 11:06 am | by emanisa.lk

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් ග්‍රාමීය නියෝජිත තනතුරෙන් කිසිවක් කළ නොහැකි නිසාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ දෙවිනුවර ආසනයේ පළාත් පාලන අපේක්ෂක අපේක්ෂිකාවෝ අද(30)දික්වැල්ලේ දී පැවසූහ.

පක්ෂයේ සංවිධායකවරයකු වන චන්දිම රාසපුත්‍ර දහස් ගණනින් රැකියා අවස්ථා ලබා දුන්නත් තමන්ට ඒ අවස්ථා අහිමි වූ බවත් එජාප පාක්ෂිකයන්ට බොහෝ රැකියා ලැබුණු බවත් පවසන ඔවුහු මේ අසාධාරණය පක්ෂ ලේකම් ඇතුළු බලධාරීන්ට ලිඛිතව දැනුම් දීමක් කළ ද පලක් නොවූ නිසා මෙම තීන්දුව ගත් බව ද ඉදිරියේ දී මීට වඩා බරපතළ තීන්දුවක් ගන්නා බව ද සඳහන් කළහ.

කෙසේ වුවද පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් ඉවත් වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරයාමට මෙතෙක් තීරණය කර නොමැති බවද ඔවුහු අවධාරණය කළහ.

දික්වැල්ල රංසි හෝටලයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුහු ඒ බව පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස