ශ්‍රීලනිපයට තනියම ජනාධිපතිවරණයක් දිනන්න බෑ! කවුරු ගියත් මම තනියම ශ්‍රීලනිපයේ ඉන්නවා! පාස්කු ප්‍රහාරය දක්වා ජනාධිපතිතුමා හරිම ජනප්‍රියයි! – අමරවීර (video)

August 5, 2019 at 8:50 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ජනාධිපතිවරණයට තරඟ කොට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තවම නොමැති බවත් ඉදිරිපත් කරන්නේ එක් අපේක්ෂකයෙක් පමණක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පවසයි.

පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය අතර සාකච්ඡා තවමත් සිදුවන බවත් හිටපු ජනාධිපතිවරයා සහ වර්තමාන ජනාධිපතිවරයා සාකච්ඡා කර එකඟතාවකට පැමිණියහොත් අගෝස්තු 11 වෙනිදා වන විට ශ්‍රීලනිපය ද එම සන්ධානය තුළ සිටිය හැකි බව ඔහු පැවසීය.

ශ්‍රීලනිපය පොදුජන පෙරමුණ සමග එකතු වුවහොත් පිරිසක් එජාපයට යනු ඇති බවත් එසේ නොවුණහොත් පිරිසක් පොහොට්ටුවට යනු ඇති බවත් හෙතෙම පැවසීය. කෙසේ වුවද තමන් තනිවම හෝ ශ්‍රීලනිපයේ සිටින බව ඔහු අවධාරණය කළේය.

අප්‍රේල් 21 ප්‍රහාරය දක්වා වර්තමාන ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් නිසා රටේ ජනප්‍රියව සිටි බවත් ජනාධිපතිවරණයට තව කල් ඇති නිසා දැනට යෝජිත අපේක්ෂකයන් ද විනාශ වී යා හැකි යැයි ඔහු අනාවැකියක්ද පළ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස