ශ්‍රීලනිපයේ තවත් බල කණුවක් සජබයට..! සජිත්ගෙන් ලොකු තනතුරු මල්ලක්..! පත්වීම් ලිපියෙන් ගෑණු පිරිමිත් කරයි..!

February 29, 2024 at 10:44 am | by emanisa.lk

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

ඒ අනුව ඒ මහත්මිය සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය සඳහා පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.

ඒ මහත්මිය මෙයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උඩුනුවර ආසන සංවිධායිකා සහ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික ධූර ද දැරීය.

එසේ ම ඇය රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනිය, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාරිනිය ආදී තනතුරු රැසක් ද හෙබවා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේවිකා කොඩිතුවක්කු මහත්මිය වෙත නිකුත් කරන ලද නිල පත්වීම් ලිපිය පහත දැක්වෙයි. අධික කාර්ය බහුලත්වය නිසා දෝ “මැතිතුමියනි” යනුවෙන් ආමන්ත්‍රණය කරමින් ආරම්භ කරන එම පත්වීම් ලිපියෙහි අවසානයේ “ඔබතුමා” යනුවෙන් සඳහන්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස