වෛද්‍ය ෂාෆිට එරෙහිව මුස්ලිම් කාන්තාවකුත් පැමිණිලි කරයි!

June 6, 2019 at 2:48 pm | by emanisa.lk

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන්ට එරෙහිව ඊයේ (05 වැනිදා) මුස්ලිම් මවක් ද කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ පාලනාධිකාරියට පැමිණිල්ලක් ගොනු කර ඇත.

ඊයේ වන විට කුරුණෑගල රෝහලට ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි 656 ක් ලැබුණු අතර ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 25ක් ලැබුණු බව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ පාලනාධිකාරිය පවසයි.

කුරුණෑගල නගරාසන්නයේ පදිංචි 26 හැවිරිදි දෙදරු මවක වන මෙම මුස්ලිම් ජාතික කාන්තාව විවාහ වී සිටින්නේ සිංහල ජාතිකයකු සමග බවත්, තමාගේ දෙවන දරුවා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී ෂාෆි වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමක් සිදුකර ලබාගත් බවත් පවසා ඇත.

තමන් විවාහ වී සිටින්නේ සිංහල ජාතිකයකු සමග බව ෂාෆි වෛද්‍යවරයා හොඳින්ම දන්නා නිසා මෙම සැත්කම සම්බන්ධයෙන් තමන්ට සැකයක් තිබෙන බවත්, එම නිසා රෝහලට පැමිණිලි කිරීමට පැමිණි බවත් ඇය සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස