විස්සට ජනමත විචාරණ අවශ්‍ය නෑ! ශ්‍රේෂ්ඨාධිකරණ යෝජනා පිළිගන්නවා! – ජී. ඇල්.

October 13, 2020 at 10:07 am | by emanisa.lk

විසි වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුගතව ඒවා සැලකිල්ලට භාජනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර ඇති පරිදි උචිත සංශෝධන කමිටු අදියරේ දී ඉදිරිපත් කිරීමේ හැකියාව රජයට තිබෙන බව අධ්‍යාපන ඇමැති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර තිබෙන සංශෝධන විසි වන සංශෝධනයට ඇතුළත් කිරීමට පියවර ගත් පසු ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට නීත්‍යානුකූලව අවශ්‍ය නොවන බවත්, මේ සියලු සංශෝධන අවසාන කෙටුම්පතට අන්තර්ගත කර තුන්වන වර කියවීමේ දී තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමෙන් පසු එය නීතිගත කිරීමට හැකිවෙන බවත් හෙතෙම සඳහන් කළේය.

සාමූහික වගකීමේ සිද්ධාන්තයට ගරු කරමින් එක ස්ථාවරයකට මුළු ආණ්ඩුවම පැමිණ තුනෙන් දෙකකින් විසි වැනි සංශෝධනය සම්මත කර ගැනීමට හැකිවේ යැයි කියා රජයක් ලෙස විශ්වාස කරන බවත් හෙතෙම පැවසීය.

ජී.එල්. පීරිස් ඇමැතිවරයා මේ බැව් පැවසුවේ බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී ඊයේ (12දා) පැවති මාධ්‍ය හමුවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස