විපක්ෂ නායක සජිත් පාඨලීගේ තරම දැන වැඩ අරඹයි! විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයක්වත් නොදෙයි!

August 21, 2020 at 10:49 pm | by emanisa.lk

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා පාඨලී චම්පක රණවක පත්කරන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේ ඉතාමත් ප්‍රබල මට්ටමක ඇති ආණ්ඩුව සමග හැප්පෙන්න නම් පාඨලී වැන්නෙකු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත්කළ යුතු බවය.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස දිගින් දිගටම පවසා ඇත්තේ එම ධුරය ගයන්ත කරුණාතිලකට ලබා දිය යුතු බවය.

මේ පිළිබඳ උණුසුම් විවාදයකින් පසු ප්‍රධාන සංවිධායක ධුරය ලක්ෂ්මන් කිරිඇල්ලට ද නියෝජ්‍ය සංවිධායකවරු ලෙස බුද්ධික පතිරණ, හෙක්ටර් අප්පුහාමි, නලින් බණ්ඩාර සහ ජේ.සී. අලවතුවල පත් කිරීමට සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබේ.

සජිත් ප්‍රේමදාස ද රනිල් වික්‍රමසිංහ මෙන්ම තමන්ට තර්ජනයක් විය හැකි පුද්ගලයන් කපා දැමීමේ ක්‍රියාන්විතයක් දියත් කර ඇතැයි පාඨලී වෙනුවෙන් පෙනී සිටි පිරිස එකිනෙකාට පවසා ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස