විපක්ෂ නායක රනිල්ට වෙඩි නොවදින රථයක් සමග විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි!

December 1, 2019 at 7:36 am | by emanisa.lk

විපක්ෂ නායක එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වෙඩි නොවදින නිල රථයක් සමඟ විශේෂ පොලිස් ආරක්ෂකයන් පිරිසක් සපයන ලෙස රජයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලිපියක් යොමුකර ඇති හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයා අවශ්‍ය ආරක්ෂක භටයන් හා වාහන පිළිබඳ කරුණු දක්වා තිබේ.

හිටපු අගමැතිවරයාගේ ආරක්ෂාව ගැන කෙරෙන විශේෂ ආරක්ෂක ඇස්තමේන්තුවකින් පසුව ඔහුට අවශ්‍ය ආරක්ෂක පහසුකම් සැපයෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස