විපක්ෂයේ මන්ත්‍රීලා එක්ක ඩීල් දාලා 20 සම්මත කරගන්න පුළුවන්! – අශෝක්-

September 19, 2020 at 1:23 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් තමන්ට ඇතැයි කීවත් දසතින්  නැගෙන විරෝධතා හමුවේ 20 වැනි අණ්ඩුක‍්‍රම  ව්‍යවස්ථාව සම්මත කර ගැනීම ආණ්ඩුවට නිසැකයෙන්ම අභියෝගයක් වනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ පවසයි.
 
 පාර්ලිමේන්තුවේ දී ‘විස්ස’ සම්මත කර ගැනීම සඳහා රජයට සහාය ලබා දීමට විපක්ෂ මන්තී‍්‍රවරු ‘ඩීල්’ සිස්ටම් අනුගමනය කරනු ඇති වූවත් ඔවුන් එසේ කරනුයේ විස්සේ අන්තර්ගතය පිළිබඳව ඇති නොදැනුවත්භාවය නිසාවෙන් යැයි ද හෙතෙම සඳහන් කළේය.
 
 මහ මැතිවරණයෙන් ජය ලැබූ රජයට මේ වන විට පාර්ලිමේන්තුවේ ඇත්තේ මන්තී‍්‍ර ආසන එකසිය හතළිස් පහක් පමණක් බවත් තුනෙන් දෙක සාදා ගැනීම වෙනුවෙන් ඔවුන්ට සහාය ලබා දෙන පක්ෂ පිටුපස යා යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීමෙන් සහ ‘දොළපිදේනි’ ප‍්‍රදානයන් යටතේ පමණක් බවත් අබේසිංහ වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස