වැලිකඩ ඉන්න වාස් ගුණවර්ධනටත් කොරෝනා!

December 12, 2020 at 1:18 pm | by emanisa.lk

වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව වාස් ගුණවර්ධන මහතාව බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන තිබේ.

මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් වාස් ගුණවර්ධනට මරණ දඬුවම හිමි විය. එම නඩුවේ කටයුතුවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙය වූයේ ශානි අබේසේකර ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර දැනට අත්අඩංගුවේ පසුවන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස