ව්‍යාජ යුද අපරාධ චෝදනාවලට එරෙහි දැවැන්ත උද්ඝෝෂණය සිව් වන වරටක් ජිනීවාහිදී

February 27, 2019 at 7:26 am | by admin

මවු බිමේ රැකගත් නිදහස සුරැකීමට, රණවිරුවන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී එල්ලවන චෝදනාවලට අභියෝග කිරීමට, රට බෙදෙන මර උගුල් වලට එරෙගිව, ලක්බිමේ ජන වර්ග අතර සංහිඳියාව තව දුරටත් ස්ථාපිත කිරීමට ඉල්ලා සිටින උද්ඝෝෂණය සිව් වැනි වරටත් මෙවර ජිනීවා නුවර දී පැවැත්වේ.

ජගත් දේශප්‍රේමි ලාංකික සංසදයේ වසන්ත කීර්තිරත්න සමග යුරෝපයේ වෙසෙන ලාංකික දේශප්‍රේමි ප්‍රජාව ජිනීවා නුවර මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට මාර්තු මස 10 වන දින පස්වරු 1.00 සිට 5.00 දක්වා මෙම උද්ඝෝෂණයේ නිරත වීමට නියමිතය.

මෙවර එහි තේමාව – ප්‍රජාතන්ත්‍රවාදය කඩකරමින්, මැතිවරණ කල් දැමීමට, ඒ්කීය රට දෙකඩ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට සහ සියලුම ජාත්‍යන්තර මැදිහත්වීම්වලට එරෙහිව යන්නය.

ලන්ඩනයේ හවුන්ස්ලෝ රාමදා හොටල් සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී 2019 පෙබරවාරි 23 වෙනි දින පැවති ජගත් දේශප්‍රේමි ලාංකික සංසදයේ සාමාජික හමුවේ දී එම සංසදයේ සභාපති ඉන්දික ගුණසේකර ඇතුළු සාමාජික පිරිස මේ බව ප්‍රකාශ කළහ. මේ සඳහා ලොව පුර සිටින සියලු දේශප්‍රේමීන් වෙත ආරාධනා කෙරේ.

චමින්ද කරුණාරත්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස