වතුකරයේ බෙදුම්වාදය පැල කරන්න උදව් කරන පක්ෂයට අපි සහාය දෙනවා! – ආරුමුගම් තොණ්ඩමන්

July 5, 2019 at 12:50 pm | by emanisa.lk

ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණවලදි ඉන්දිය සම්භවයක් ඇති ජනතාවගේ ඉල්ලිම් ලබා දිමට එකග වන ඕනැම ප්‍රධාන දේශාපන පක්ෂයකට හෝ සන්ධානයකට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ලංකා කම්කරු කොන්ග්‍රසය ඊයේ (03) කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි මාධ්‍යය හමුවක් පවත්වමින් පැවසිය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහලේකම් මධ්‍යම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රිනි අනුෂා සිවරාජා, ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති මධ්‍යම පලාත් සභා හිටපු පලාත් සභා මන්ත්‍රි කනපති කනගරාජ්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගම් තොණ්ඩමන්ගේ උපදෙස් මත මෙම මාධ්‍යය හමුව පැවැත්විය.

මෙම මාධ්‍යය හමුවේදි කරුණු ඉදිරිපත් කළ එම පක්ෂයේ මහ ලේකම් අනුෂා සිවරාජ් කියා සිටියේ තම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඊයේ (02) හැටන් කොටගලදි එක්රැස් වි ඉන්දිය සම්භවයක් ඇති ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කරුණු 30ක් ඉදිරිපත් කර අනුමත කරගත් බවයි.

වතුකරයට විශ්ව විද්‍යාලයක්, රාජ්‍යය සේවය පවතින පුරප්පාඩුවලට වතුකරයේ සුදුසුකම් සපුරා තිබෙන තරුණ තරුණියන් බඳවා ගැනිම, වතු රෝහල් රජයට පවරා ගැනිම, දික්ඔය මුලික රෝහල රේකිය අමාත්‍යංශයට පවරාගෙන එම රෝහල තුළ සෞඛ්‍යය පුහුණු පාසලක් ආරම්භ කිරිම, නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශිය ලේකම් කාර්යයාල 12 දක්වා වැඩි කිරිම, ඉන්දිය සම්භවයක් ඇති ජනතාවගේ ජනගහනය අනුපාතය අනුව ග්‍රාමසේවා වසම් වැඩි කිරිම විම, වතු කම්කරුවන් දැනට වගා කටයුතුවල නියැලි සිටින ඉඩම්වලට හිමිකම් ඔප්පු එම වතු කම්කරුවන්ටම ලබාදිම ඇතුළු කරුණු 30 කින් සමන්විත ලිපියක් මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම කරුණු 30 එකඟතාව පල කරන ඕනැම ප්‍රධාන දේශපාලන පක්ෂයක් සමග ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණයකට තම පක්ෂයේ පුර්ණ සහයෝගය ලබා දිමට එකඟතාව පල කරන බව එම පක්ෂයේ උප සභාපති කනපති කනගරාජ් කියා සිටියි.

මෙම මාධ්‍ය හමුවේදි මේ රට තුළ මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට යාම පිළිබඳව මාධ්‍යයවේදින් කරුණු විමසිමේදි ලංකා කම්කරු කොන්ග්‍රසය කියා සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් තම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාකච්ඡා කළ බවත්, මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සුදුසු ද සුදුසු නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදි තම පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයට කරන බවද කනපති කනගරාජ් පැවසිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස