වත්මන් එජාප පාලකයෝ රටට ආදරේ නෑ! මේ රට විනාශ වුණේ එජාපයේ වරදින්! – අස්ගිරි මහනාහිමි

June 17, 2019 at 12:24 pm | by emanisa.lk

ගාමිණි දිසානායක යුගයට පසු එජාපය යටතේ රට ආරක්ෂා වූ යුගය අවසන් බවත් ඉන්පසු බිහිවූ එජාප පාලකයන් රටට ජනතාවට ආදරයක් නොමැති බවත් අස්ගිරි පාර්ශවයේ මහ නායක වරකාගොඩ ඥානරතන හිමි පවසයි.

තමන් වහන්සේලා මෙතෙක් නිහඬව නොසිටි බවත් හමු වීමට පැමිණි නායකයන්ට ඒ පිළිබඳ කරුණාවෙන් පැවසූ බව සඳහන් කළ නාහිමියන් තමන්ට නැති වන්නට දෙයක් නොමැති බවත් කිසි දෙයකට බිය නොවන බවත් දැන් මේ බව ප්‍රසිද්ධියේ කියන බවත් හෙළි කළේය.

තම පරමාර්ථය මේ රට සිංහල ජාතිය සහ බුදු දහම ආරක්ෂා කර ගැනීම බව සඳහන් කළ එහිමියන් එජාපයේ වරදින් මේ රට සම්පූර්ණයෙන් විනාශ වූ බව තමා මුණ ගැසීමට පැමිණි ඇමතිවරයකුට පැවසූ බවත් නාහිමි සඳහන් කළේය. මේ වන විට එජාපයේ ආයුෂ අවසන් බවත් නැවත ඊට පණ නොදිය හැකි බවත් එහිදී සඳහන් කර ඇත.

අන්තවාදීන් අපේ දරුවන් ලක්ෂ ගණනින් උපදින්නට පෙරම මරා දමා ඇති බව පැවසූ ඥානරතන හිමි එවැනි අපරාධයක් මුස්ලිම් ජාතියට සිදූවූයේ නම් අදාළ වෛද්‍යවරයා පෙති ගසා මරා දමනු ඇතැයි ද පැවසීය.

නීති රීති පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි නිසා විවිධ පක්ෂ පාටවලට නොබෙදී සිංහලයන් බෞද්ධයන් ලෙස එකතු විය යුතු බවත් මේ අවස්ථාවේ රටට සුදුසුම නායකයෙක් පත්කළ යුතු බවත් රටට දැයට හිතැති මන්ත්‍රී පිරිසක් පත් කරගත යුතු බවත් එහිමියන් අවධාරණය කළේය.

පසුගිය 15 වෙනිදා යටිනුවර දියකෙළිනාව කිත්සිරි මෙවන් රජමහ විහාරයේ පැවති උත්සව සභාවක අනුශාසනාවක් කරමින් මහ නාහිමියන් මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස