ලංකාව එන්නත් ලක්ෂ 35ක් මිලට ගන්න සූදානම්…! ජනපති මැදිහත් වී ඉන්දියාවෙන් ඇනවුම් කරයි…!

February 1, 2021 at 8:00 am | by emanisa.lk

කොවිඩ් මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති කොවිෂීල්ඩ් එන්නත හෙවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් ලක්ෂ 35ක ප්‍රමාණයක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම එන්නත් ප්‍රමාණය ඉන්දීය රජයෙන් ඉල්ලා ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සඳහන් කළේය.

මෙම එන්නත ඉක්මනින් මෙ රටට ලැබීමට නියමිත බවත් එය ලැබුණු වහාම එන්නත් කිරීම ආරම්භ කරන බව ද විශේෂඥවරයා පැවසීය.

අප රටට අවශ්‍ය වන්නේ රටේ ජනගහනයෙන් මිලියන 11ට එන්නත් ඩෝස් මිලියන 22ක් පමණකි. එය ලබා ගැනීම අපහසු කටයුත්තක් නොවන බවත් මේ වන විටත් විදේශීය රටවල් කීපයක් ප්‍රදානයන් ලෙස එන්නත් ලබා දීමට සූදානමින් සිටින බවත් හෙතෙම පැවසීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස