ලංකාවේ කොරෝනාවලින් මැරුණේ 05යි! ඉතිරි 41 දෙනා ම මළේ නිදන්ගත රෝගවලින්! – හමුදාපති

November 12, 2020 at 4:04 pm | by emanisa.lk

ශ්‍රී ලංකවේ කොරෝනා ආසාදනය වී මෙතෙක් මරුමුවට පත්ව ඇත්තේ 05 දෙනෙකු පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොරෝනා ආසාදනය වී මළ බව සඳහන් කළ ඉතිරි 41ක් දෙනා ම මරුමුවට පත්ව ඇත්තේ නිදන්ගත රෝගවලින් බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.

කොරෝනා ආසාදිතයන් මහ මඟ මියයෑම පිළිබඳ අදහස් දකවමින් ඔහු සඳහන් කළේ ඇඳිරි නීතිය හෝ ලොක්ඩවුන් තත්ත්වයක් පැවතිය ද නිදන්ගත රෝගීන් අනිවාර්යෙන් අඛණ්ඩව ප්‍රතිකාර කටයුතුවලට යොමු විය යුතු බවයි.

ශ්‍රී ලංකාව සතුව විශිෂ්ට වෛද්‍ය සේවාවක් පවතින බවත් කිසිම හේතුවක් මත ප්‍රතිකාර නො ගෙන සිටීම නො කළ යුතු බවත් ඔහු අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස