ලංකාවේ කහ ආනයන තහනම නිසා අපි විනාශයි! වහාම මැදිහත් වන්න! – ඉන්දීය ගොවියෝ රජයට කියති…

November 20, 2020 at 9:31 pm | by emanisa.lk

ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් කහ ආනයනය කිරීම තහනම් කිරීම නිසා පසුගිය මාස දෙකක කාලය තුළ රුපියල් කෝටි 50 කට ආසන්න අලාභයක් තමන්ට සිදුවී ඇති බව ඉන්දියාවේ ඊරෝඩ්හි ගොවීහු හා ව්‍යාපාරිකයෝ පවසති.

දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම සඳහා 2019 වර්ෂයේ සිට ශ්‍රී ලංකා රජය ඉන්දියාව ඇතුළු විදෙස් රටවලින් ගෙන එන කෘෂිකාර්මික නිෂ්පාදන කීපයක් ආනයනය තහනම් කිරීමට පියවර ගත්තේ ය. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම නිසා මේ තත්ත්වය ඇති වී ඇතැයි “ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” වාර්ථා කර ඇත.

ඊරෝඩ් කහ වෙළෙන්දන්ගේ සංගමයේ ලේකම් සත්‍යමූර්ති සඳහාන් කරන්නේ තමන් වසරකට කහ ටොන් 7,500 ක් ශ්‍රී ලංකාවට අපනයනය කරන අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නව නීතිය නිසා සිය අපනයනයට අහිතකර බලපෑමක් ඇති වී ඇති බවයි.

ඊරෝඩ්හි කහවල ඇති ඉහළ ගුණාත්මකභාවය ශ්‍රී ලංකාවේ වෙළෙදුන් ආකර්ෂණය කර ගැනීමට හේතුවක් වී අති අතර ඊරෝඩ් මගින් ආනයනය කිරීමේ දී ඉතාම ලාබදායී ලෙස ප්‍රවාහනය සිදු කිරීමට ද හැකි වීම වෙළෙදුන්ට පහසුවක් වී ඇති බවද හෙතෙම කියයි.

ඉන්දීය රජයට මැදිහත් වී ලංකාවට කහ අපනයනය සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙස ඉල්ලන සත්‍යමූර්ති ශ්‍රී ලංකා රජය දේශීය නිෂ්පාදනය දිරිමත් කිරීමට පියවර ගන්නා අතර කහ ආනයනයට ද ඉඩ දිය යුතු බව ද කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස