රෝගීන් වාර්තා වීම ඉහළ යයි! තවත් පොලිස් බල ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය!

October 20, 2020 at 3:21 pm | by emanisa.lk

කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ සලකා බලා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත වහාම ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් අද (20) දින උසස් පෙළ විභාගයට සහභාගී වූ සිසුන්ට නිවෙස් බලා යෑමට හා සවස් කාලයේ විභාගය සඳහා සහභාගී වීමට නියමිත සිසුන්ට ඇඳිරි නීතිය කිසිසේත්ම බාධාවක් නොමැති බව පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කරයි.

එම ප්‍රදේශවල සිටින ජනතාවට නිවෙස් තුළ ම රැඳී සිටින ලෙසත්, එම පොලිස්වසම් හරහා වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීමට හැකියාව හිමිවන නමුත් කිසිම අවස්ථාවක වසම්වල වාහන නවතා මගීන් නංවා ගැනීමට හෝ බැස්සවීමට අවස්ථාව හිමිවන්නේ නැති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියාසිටියේය.

මේ අතර, යම් යම් හේතූන් මත නිරෝධායන ඇඳිරි නීතිය පැනවු ප්‍රදේශවල රැකියා සඳහා පිටතට ගිය අයට නැවත නිවෙස් වෙත පැමිණීමට හැකියාව ලැබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස