රිෂාඩ් හොයන එක නරි නාටකයක්! අපට වෙන්නෙත් යූඇන්පියට වෙච්චි දේමයි! – විදුර

October 17, 2020 at 8:01 am | by emanisa.lk

රිෂාඩ් බදියුදුන් සෙවීමට පොලිස් කණ්ඩායම් 6ක් දමා තිබුණ ද එමඟින් ප්‍රයෝජනයක් නැති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

ඒ අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“ඒ පොලිස් කණ්ඩායම් 6 හොයන්න තවත් පොලිස් කණ්ඩායමක් දාන්න වෙයි. මේවා නරි නාටක. එච්චරයි. නර නාටක මහත්තයෝ නර නාටක.

රවී කරුණානායකවත් හෙව්වා. රාජිත සේනාරත්නවත් හෙව්වා. දැන් හොයනවා මේගොල්ලන්ව. කාටද මේ විහිලු සපයන්නේ. අපේ රටේ මිනිස්සුන්ටද? මිනිස්සු මේවා විහිලු හැටියට නෙවෙයි ගණන් ගන්නේ. තීන්දුව දෙයි.

හැබැයි මේවා දිගින් දිගටම සිද්ධ වුනොත් ඊළඟ මැතිවරණයෙන් දැඩි තීන්දුවක් ගනී. එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ අපිටත් සිද්ධ වෙන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස