රිෂාඩ් මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්! – සමගි ජන බලවේගය

October 17, 2020 at 11:53 am | by emanisa.lk

රිෂාඩ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැතැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී පැවසූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

එසේ පවසා ජනතා කැළඹීමක් ඇති වූ විට නැවත දේශපාලන පළිගැනීම් සඳහා ඔහු අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

විපක්ෂයේ රිෂාඩ් බදියුදීන් පමණක් නොව රාජිත සේනාරත්න, පාඨලී චම්පක මෙන් ම සමගි ජන බලවේගයේ තමන් ද ඉතා පැහැදිලිව ම දේශපාලන පළිගැනීම්වලට ලක්වෙමින් ඇතැයි ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස