රිෂාඩ් ඇමතිතුමාට එරෙහි විශ්වාසභංගය පරදින නිසා රතන හිමි උපවාසයට ගියා! රතන හාමුදුරුවෝ මීට වඩා බුද්ධිමත් ලෙස වැඩ කරන්න ඕන!- විජයපාල හෙට්ටිආරච්චි

June 1, 2019 at 2:45 pm | by admin

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංගය පරාජය වන බවට අවබෝධ වූ පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක් ආරම්භ කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ගාල්ල කපුහෙන්පොළ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එම විශ්වාසභංගයට පාර්ලිමේන්තුව තුළ දින නියම වී තිබීයදී, ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කොට තිබියදීත් රතන හිමි මෙවන් උපවාසයකට යොමු වීම ගැටළුවක් බව ඔහු පෙන්වා දෙයි.

සිංහල ජාතිය ආගම වෙනුවෙන් ඉතාම කැපවීමෙන් කටයුතු කරන හිමි නමක් ලෙස මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

කෙසේ වුවද රතන හිමිගේ උපවාසය ඇමති රිෂාඩ්ට එරෙහිව පමණක් නොව හිස්බුල්ලා සහ සාලි ආණ්ඩුකාර ධුරවලින් ඉවත් කිරීම ද වෛද්‍ය ෂාෆිට එරෙහිව ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන ලෙස ද ඉල්ලමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස