රාජපක්ෂ වලව්වේ අශූචි බුදින කුලීකාරයෝ අපට මඩ ගහනවා..! තිලිණි එක්ක පින්තූර ගත්තට ජාවාරම පිටුපස ඉන්නේ නාමල්…! – වසන්ත සමරසිංහ..

October 12, 2022 at 8:48 am | by emanisa.lk

අරලිගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාට හිමි විය යුතුව තිබූ ප්‍රභූ ආරක්ෂාව තිළිණි ප‍්‍රියමාලි නම් ජාවාරම්කාරියනට ලබා දුන්නේ කෙසේ දැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ ප්‍රශ්න කරයි.

අගමැතිට හිමි විය යුතු වූ ප්‍රභූ ආරක්ෂාව ජාවාරම්කාරියකට ලැබී තිබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද කියා සිටි ඔහු මෙවන් කාන්තාවන් ළඟ සඟවා තිබුණේ විවිධ පුද්ගලයන්ගේ කළු සල්ලි බවද පැවසීය.

ඇය ළග මුදල් ආයෝජනය කළ බවට සමාජ ජාලවල හුවාමාරු වන නම් ලයිස්තුවක තමන් ඇතුළු තම පක්ෂයේ පිරිසකගේ ද නම් ඇති බවත් පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කරන ලද බවත් දැන් සාක්ෂි කිසිවකු හෝ ඇත්නම් ඔප්පු කරන ලෙසත් කියා සිටියේය.

සිදුවීම පිළිබඳව පැමිණිල්ලක් කිරීමට රහස් පොලීසියට ගොස් ආපසු එන අතර මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.

තිළිණි ප‍්‍රියමාලි රහස් පොලිසියට ලබා දී ඇති ප්‍රකාශයක් අනුව ඇයගේ මුදල් ආයෝජනය කර ඇත්තේ ජානකි සිරිවර්ධන නමැත්තිය ළඟ බවත් ජානකි සිරිවර්ධන යනු නාමල් රාජපක්ෂගේ සමීප හිතවතියක බවත් එනම් ප‍්‍රියමාලි පසුපස සිටින්නේ නාමල් රාජපක්ෂ බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *