කෝටිපතියන් රොත්තක් ප්‍රියමාලිගේ කාම උගුලේ සිරවේ…! විකිණුනු සුරූපි නිළියන් පසුපස පොලිසිය ලුහුබඳී…!

October 8, 2022 at 11:19 am | by emanisa.lk

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින්, කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළියකගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙම මුදල් වංචාවට සම්බන්ධ කාන්තාව පවත්වාගෙන යන මූල්‍ය සමාගමට මුදල් ආයෝජන කළ කෝටිපති පුද්ගලයන් මුදල් ඉල්ලා සිටින අවස්ථාවල දී තිලිණි ප්‍රියමාලි ඔවුනට මෙම නිළිය සම්බන්ධ කර දී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුව එම නිළිය අදාළ කෝටිපතියන් සමග මිතුරු වී ඔවුන් සමග දුරකතනය ඔස්සේ ලිංගික සංවාද පවත්වා ඒවා පටිගත කර ප්‍රියමාලි ලබා දී ඇති අතර කෝටිපතියන්ට පෙන්වා ඔවුන් බියකර ඇති බව ද හෙළි වී තිබේ.

මේ සංවාද පටිගත කිරීම වෙනුවෙන් සැකකාරියක වන මෙම චිත්‍රපට නිළියට එක්වරකට ලක්‍ෂ පහ බැගින් මුදලක් ද ගෙවා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කරයි. මෙම සංවාද පට මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට එම නිළිය රහස් පොලිසියට කැඳවීමට නියමිතය.

මේ අතර, රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේ එම නිළියට අමතරව මෙයට ඈඳුණු තවත් ප්‍රසිද්ධ චිත්‍රපට නිළියන් දෙදෙනකුගේ සම්බන්ධකම් ද මේ වන විට අනාවරණය වෙමින් පවතින බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *