රාජපක්ෂ ආණ්ඩුවේ හොරු අල්ලන්න ඇටවූ FCIDය යහපාලන හොරු පස්සේ පන්නයි! 2016 සිට වැඩි මිලට විදුලිය ගෙන රු. මිලියන 2000ක අලාභයක් කිරීම ගැන විමර්ශන ඇරඹෙයි!

June 4, 2019 at 8:13 am | by admin

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති මිලට වඩා වැඩි මිලකට විදුලිය ලබාගැනීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ප‍්‍රධානීන් රජයට රුපියල් මිලියන 2000 ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (03) කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.

ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයකින් 2016 වසරේ සිට එලෙස වැඩි මිලට විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කොට ඇත.

විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය විමර්ශන සඳහා අවශ්‍ය බැංකු ගිණුම් කිහිපයක් සම්බන්ධයෙන් සියලු තොරතුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබාදෙන ලෙසට රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන කිහිපයකට නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස