රනිල් ජනාධිපතිතුමාට වසර 10කට රටභාරදිය යුතුයි..! ජනතාව මැදිහත් වී අරගල පාලනය කළ යුතුයි..!

March 12, 2023 at 1:11 pm | by emanisa.lk

සංචාරක ව්‍යාපාරයට වැදගත් බීර හා වයින් බලපත්‍ර මාස ගණනක් තිස්සේ ප්‍රමාද වී තිබූ බවත් ඒවා අනුමත කළ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි.

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස අනුමත කරන ලද ගැසට් පත්‍ර පිළිබඳ කළ විමසීමකදී හෙතෙම මේ බව පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි

මේ රට වසර දහයක් වැනි කාලයක් රනිල් වික්‍රමසිංහට පාලනය කිරීම සඳහා ඉඩ ලබා දිය යුතු බවත් එවිට රට ආසියාවේ ඉහළම තැනකට ඔසවා තබනු ඇති වුවත් හෙතෙම පැවසීය.

යම් හෙයකින් වෘත්තීය අරගල, වැඩ වර්ජන පැවතෙන්නේ නම් මහ ජනයා විසින් ඒවාට අවවාද කර පාලනය කළ යුතු බවද හෙතෙම කියා සිටියේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *