රනිල් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්කම ලැබුණොත් එජාප නායකත්වය අතහරින්න සූදානම්!

December 18, 2019 at 8:06 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධුරය ලබා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරන බව වාර්තා වෙයි.

මේ වන විට එහි මහ ලේකම් ධුරය දරන අන්තෝනියෝ ගුටේරෙස්ගේ ධුර කාලය ලබන වසරේ දී අවසන් වන අතර ඊළඟ අවස්ථාව ආසියා – පැසිෆික් කලාපයට හිමි වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඇතැම් රටවල් මෙම ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ යෝජනා කිරීමේ ඉඩක් ඇතැයි ද වාර්තාවෙයි.

ජෝන් අමරතුංග පසුගියදා පවසා තිබුණේ ඊළඟ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරය රනිල් වික්‍රමසිංහට ලැබෙනු ඇති බවත් එවිට ඔහු එජාප නායකත්වයෙන් ඉවත් වනු ඇති බවත්ය.

එවැනි ඉහළ තනතුරක් ලැබුණොත් මිස රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වය මේ ආත්මයේ දී අත නොහරිනු ඇතැයි සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරයකු පුවත්පතකට පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස