රංජන් මහජන මුදල් හොරා කාලා නෑ…! තමන්ගේ සේසතත් ජනතාවට බෙදුවා…! දැන්වත් සමාව දෙන්න…! – සජිත්..

October 27, 2021 at 4:33 pm | by emanisa.lk

මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

ඊයේ (26) පෙරවරුවේ අගුණකොලපැලැස්ස බන්ධානාගාරයට පැමිණ අධිකරණයට අපහාස කළා කිරීමට වරදකරු වී සිරදඬුවම් ලබන රන්ජන් රාමනායක හමු වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“මේ වන විට එතුමා ඉන්නේ සිරගෙදර රෝහලේ විශේෂයෙන්ම කොඳු නාරටිය සහ දණහිසේ ආබාධිත තත්ත්වයක් නිසා. එතුමාට මීට වාඩා විධිමත් ප්‍රතිකාරයක් කරන්නට පුළුවන්, එතුමා කොළඹ ප්‍රදේශයේ වැලිකඩ බන්ධනාගාරය කරා මාරු කරනවා නම්.

මම හිතනවා ඒක සිදුවිය යුතු දෙයක්. අපි ඉල්ලීමක් කරලා තියෙනවා. අධිකරණ අමාත්‍යතුමාගෙන් මානුෂීය සහ සෞඛ්‍ය හේතුන් මත එතුමාට මේ මාරුවීම ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. එතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවා, මේ සිටින කාල සීමාව තුළ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා උපාධියක් ලබා ගන්න.

එතුමාව වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යැව්වොත් එතුමාට පුළුවන් වෙනවා ඒ කටයුතු කර ගන්න. රාජ්‍ය මුදල් අවභාවිත කරලා නෑ. මූල්‍ය වංචා කරලා නෑ. එතුමාගේ පෞද්ගලික සම්පත් පවා පොදු ජනතාව වෙනුවෙන් කැප කරලා තියෙනවා. නැවතත් බලාපොරෝත්තු වෙනවා ගරු ජනාධිපතිතුමා මනුෂ්‍යත්වයේ නාමයෙන්, රංජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්නට කටයුතු කරයි කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස