මෛත්‍රී-රනිල්ගෙන් වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලුවා! රටේ වෙනම කලාප ඉල්ලීිමේ වරදක් නෑ! – හකීම්

September 8, 2020 at 8:45 am | by emanisa.lk

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවට දෙදහස් පහළොව වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනට සහ රනිල් වික්‍රමසිංහට තමා යෝජනාවක් ඉදිරිපත් කළ බව මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව අනාවරණය කර ඇත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේදී ඊයේ (07) සාක්ෂි ලබා දෙමිනි.

රජයේ නීතිඥවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශයේ දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අදහසක් තිබූ බවයි.

එසේම යම් පළාතක ජනතාව දේශපාලන වශයෙන් මෙලෙස ඉල්ලා සිටීම සාධාරණ බවත්, එය ජාතික සංහිඳියාවට බාධාවක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම දේශපාලන ඉල්ලීම ඔළුවිල් ප්‍රකාශයේ කොටසක්ද යන්න රජයේ නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එයට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කියා සිටියේ එය එසේ වෙන්නට පුළුවන් බවයි.

මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඊයේ (07) පස්වරු 6.00ට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම ආරම්භ කළ අතර රාත්‍රිය වනතුරු ඔහුගෙන් කොමිසම විසින් සාක්ෂි විමසමින් සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස