මුස්ලිම් සමාජයේ බහුතරය අන්තවාදී නොවේ නම් ඔවුන්ගේ හඬ අන්තවාදයට ඉහළින් නැඟිය යුතුයි! – ලසන්ත වික්‍රමසිංහ (video)

May 10, 2019 at 5:17 pm | by admin

මුස්ලිම් සමාජයේ බහුතරය අන්තවාදයට එරෙහි නම් එම සමාජයේ අන්තවාදීන්ට වඩා ඉහළින් එම ජනතාවගේ හඬ නැංවීම යුතුකමක් බව යුතුකම සංවාද කවයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා පවසයි.

එසේ නොකර අන්තවාදීන්ගේ හඬට මතුවන්නට ඉඩ ලබා දුනහොත් මුළු රටමම අනාගත දවසක මහා පාප කර්මයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි හෙතෙම අනතුරු අඟවයි. එසේම 2004 ජනවාරි 29 වෙනිදා සිට කුප්‍රකට ඔළුවිල් ප්‍රකාශනය පදනම් කරගෙන මුස්ලිම් කොංග්‍රසය කොටි සංවිධානය වැනිම බෙදුම්වාදී වර්ගවාදී ව්‍යාපෘතියක් ආරම්භ කළ බවත් කල්මුණේ පදනම් කරගෙන වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලමින් ගෙන යන සටන වර්තමාන ආණ්ඩුව යටතේ මෙතෙක් පරාජය වී ඇත්තේ සම්බන්ධන්ලා ඊට විරුද්ධ නිසා බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙයින් පොදු ශ්‍රී ලාංකිකත්වයට කැමති මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව මිනි මරාගෙන දිව්‍ය ලෝකේ යාමේ උමතුවට මෙන්ම මෙම බෙදුම්වාදී උමතුවට ද එරෙහිව පෙරට පැමිණිය යුතු බව එම යෝජනා ඉල්ලා අස්කර ගැනීමට බලපෑම් කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි. අන්තවාදී ආගම්වාදී බෙදුම්වාදී පිරිසකට නතුව ඇති මුස්ලිම් දේශපාලනය ඉන් මුදවා ගැනීමට මේ වැනි ස්වර්ණමය අවස්ථාවක් නැවත නොලැබෙන බවත් එහෙයින් මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව පෙරට පැමිණ සිය යුතුකම ඉටු කළ යුතු බවත් ලේකම්වරයා සඳහන් කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස