මේ ආණ්ඩුව පහුගිය අවුරුදු හතරට තලබෝල පැක්ට්‍රියක්වත් හැදුවේ නෑ! ජනතාව ගොනාට අන්දන්න පිටරට ඇමතිලත් හයර් එකට ගන්නවා!

March 26, 2019 at 6:13 am | by admin

හම්බන්තොට ඉදිකිරීමට යෝජිත අපනයන සැකසුම් කලාපය ද කුලියාපිටිය වොක්ස්වැගන් කර්මාන්තශාලා ව්‍යාපෘතිය මෙන්ම සැක සහිත බව  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

අද(25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩදුරටක් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“හම්බන්තොට අපනයන සැලසුම් කළාපයක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගිහින් විවෘත කළා. තෙල් පිරිපහදුවක් හා සිමෙන්ති කර්මාන්ත ශාලාවක්. එදා වරාය විෂය භාර ඇමැති මම. මෙවැනි කර්මාන්ත ශාලා 11ක් හදන්න විදේශීය ආයෝජකයෝ 11 දෙනෙක් ඩොලර් බිලියන 1.1 ක විදේශ ආයෝජන අරන් ආවා. එදා සියලු ගිවිසුම් ගහලා තිබුණා.”

“රජයක් විදියට ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා නම් ඒ ආයෝජකයෝ කර්මාන්ත ශාලා 11ක් මේ රටේ පිහිටුවලා. ඒවා එහෙම පිටින්ම අයින්කරලා මැතිවරණය ළග නිසා දැන් අපනයන සැකසුම් කළාපය හදිසියේ හදන්න යනවා.”

“ඔමානයේ තෙල් විෂය භාර ඇ මැතිවරයා ආවා. අපි මේ සමාගම කවුද, මේ සමාගම හා සිංගප්පූරුව අතර තියෙන සම්බන්ධය මොකක්ද, කියන දේවල් දැන ගන්න කැමැතියි. ඔමානයේ ඇමැතිවරයාවත් හයර් කළාද කියලා සැකයි.”

“කලුතර මිල්ලනිය, මාවතගම, කුලියාපිටිය වගේ ස්ථානවල තානාපතිවරු ගෙන්වලා නොයෙකුත් කර්මාන්ත ශාලා ඉදිකිරීමේ මුල්ගල් තිබ්බා. අවුරුදු 4ක් ගත වෙලා මොනවද මේ කර්මාන්ත ශාලාවල ඉදිකලේ. දැන් අක්කර 12000ක් වෙන්කරලා එහි ගොල්ප් ක්‍රිඩාපීටි 5ක් හදනවාලු. අපේ රටේ මිනිස්සුන්ට අඩුවෙලා තිබුනේ ගොල්ප් ගහන එක විතරයි.”

ඒ තරමට අපේ මිනිස්සු ඉන්නේ සුඛිත මුදුත වෙලා. දැන් රුහුණ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය කරනවාලු. මේ ආයෝජන කළාපය එතුමාගේ 70 වැනි උපන් දිනය වෙනුවෙන් දායාද කරනවාලු. එතුමා 2017.01.03 කුලියාපිටියේ වොක්ස්වැගන් මව් ආයතනයවත් නොදැන වොක්ස්වැගන් වාහන නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් අපේ රටට දායාද කළා.”

2015 ජනවාරි 08 ඉදන් මේ වන තෙක් අක්කර 12000, 25000,15000 කියමින් ගස් කපලා විකුණ ගත්තා. මේ වන තෙක් බුල්ටෝ ටොපි, තලාබෝල පැකට්‍රි කරන තැනක් හැදුවා නම් කියන්න.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස