මෙහෙයුම්වලින් ඇල්ලූ සැකකරුවන් මුදාගන්න දේශපාලන බලපෑම්! ඇතැම් අන්තවාදී බලකොටුවල මෙහෙයුම් තහනම්!

May 3, 2019 at 8:04 am | by admin

රට පුරා මේ දිනවල කෙරෙන සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් ඇතැම් සැකකරුවන් මුදා ගැනීම සඳහා පොලීසියට සහ හමුදාවන්ට දේශපාලන බලපෑම් සිදු කෙරෙන බව වාර්තා වෙයි.

පොලීසියට සහ හමුදාවන්ට මෙලෙස බලපෑම් කරන්නන් අතර අමාත්‍යවරුන් ද කිහිපදෙනෙකු ද සිටින බවත් මෙම දේශපාලන බලපෑම් නිසා විමර්ශනවලට අවහිරතා සිදුවන බවත් වාර්තා වෙයි.

කුප්‍රකට දේශපාලකයකුගේ බලපෑම් මත අලුත්ගම දර්ගා නගරයේ ඇතැම් මෙහෙයුම් නතර කළ බවට වාර්තා ලැබී ඇත.

කෙසේ වෙතත් පොලීසිය සහ හමුදාව දේශපාලන බලපැම් මැද විමර්ශන සිදු කරන බව දැනගන්නට ඇත. දේශපාලකයන් පක්ෂ පාට භේද නොසලකා ආරක්ෂක අංශවලට උදව් කළ යුතු අවස්ථාවක මෙසේ හැසිරීම කණගාටුදායකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස