මුස්ලිම් මැති ඇමතිලා ආණ්ඩුවෙන් ඉවතට! හදිසි මහ මැතිවරණයක්?

June 3, 2019 at 3:28 pm | by admin

ආණ්ඩු පක්ෂයේ සිටින රහූෆ් හකීම් රිෂාඩ් බදියුදීන් ඇතුළු සියලු මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමට සූදානම් බවට වාර්තා පළවෙයි.

ජනාධිපතිවරයා විසින් අසාද් සාලි සහ හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් නෙරපීමට ගත් තීන්දුවට විරෝධය පළ කිරීම මෙම තීන්දුවේ අරමුණ බව පැවසෙයි.

කෙසේ වුවද මුස්ලිම් ජනතාවට එල්ල වන පීඩනය හමුවේ ආණ්ඩුවේ කාර්යභරය පිිළිගත නොහැකි බව පවසමින් ඔවුන් සිය තනතුරුවලින් ඉවත්විමට සූදානම් වන බව පැවසෙයි.

මේ වන විට ආණ්ඩුවේ සියලු මුස්ලිම් මැති ඇමතිවරුන් සාකච්ඡාවක නිරත වන අතර ඉන් පසු හවස 3.00 අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතය. අද දහවල් පිරිස අගමැතිවරයා සමග ද සාකච්ඡා කර තිබේ.

එසේ ඉල්ලා අස්වුවහොත් ආණ්ඩුවට බහුතරය අහිමි වන අතර හදිසි මහ මැතිවරණයකට අවශ්‍ය පසුබිම නිර්මාණය වන බව දේශපාලන විචාරකයන්ගේ විශ්වාසයයි.

කෙසේ වුවද එම පිරිස ඇමති ධුරවලින් ඉවත් වී දිගටම ආණ්ඩුවට සහය ලබා දෙන්නේ නම් එවැනි තත්ත්වයක් උද්ගත නොවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස