මුස්ලිම් ජනතාව තරහ කරගෙන අයිඑස් ත්‍රස්තවාදීන් එක්ක සටන් කරන්න බෑ! – අගමැති රනිල්

June 2, 2019 at 8:14 pm | by admin

ජාතිවාදි ගැටුම් ඇති කිරීමට උත්සාහ කිරීමෙන් ජය ලබන්නේ අයි එස් ත්‍රස්තවාදීන් මිස අන් කවරකු හෝ නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මෙම අදහස් පළකළේ යාපනය නගරසභා ක්‍රීඩාංගනයේ අද (02) පැවැති සමෘද්ධි සහනාධාර ලබාදීමේ උත්සවය අමතමිනි.

යාපනයේ අඩු ආදායම්ලාභී පවුල් 23,011ට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවය යාපනය නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

“ජාතිවාදීන් බලන්නේ රටේ අවුලක් ඇති කරන්න. එහෙම අවුලක් ඇති වුණා නම් එකේ වාසිය එන්නේ අයිඑස් ත්‍රස්තවාදීන්ට පමණයි. 1983 ජුලි කලබලවලදී දමිල ජනතාව තරහකර ගත්තා වගේ අද මේ අයිඑස් ත්‍රස්තවාදයට විරුද්ධව සිටින මුස්ලිම් ජනතාව නිශ්ශබ්ද කර ගන්න හදනවා. එතකොට කොහොමද මේ සටන ගෙනියන්නේ?”

“මට බුද්ධි අංශ දැනුවත් කරලා තියෙනවා එහෙම වුණොත් තොරතුරු ලබා ගන්න බැරිවෙනවා කියලා. එහෙනම් අද ජාතිවාදී කෝලාහල ගැටුම් ඇති කරන්න කටයුතු කරන අයටත් අයිඑස් ත්‍රස්තවාදීන්ගේ ගාණට දාලා කටයුතු කරන්න ඕනේ. අපි අයිඑස් ත්‍රස්තයින්ට කිසිම සමාවක් නොදී ඉන්නවා වගේම මෙහෙම ඔවුන්ට සහය දක්වන අයටත් අපි කිසිම සමාවක් නොදිය යුතුයි”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස