මුස්ලිම්වරයකුට කළ හැකි උත්තම කුසල කර්මය අන්‍යාගමිකයන් මරා දැමීම කියලා මද්රාසා පාසල්වල උගන්වනවා! – උදයශාන්ත ගුණසේකර (video)

May 11, 2019 at 11:28 am | by admin

මේ රටේ සියලු මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් නොවන බව රටේ කිසිවකුට රහසක් නොවුණ ද අත්අඩංගුවට පත්වන සෑම ත්‍රස්තවාදියෙක්ම මුස්ලිම් ඉස්ලාම් භක්තිකයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා පවසයි.

මේජර් තුවාන් මුතාලිෆ් වැනි රණ විරුවන්ට මෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි වැනි බෞද්ධ ගීත ගායනා කළ මොහිදීන් බෙග් වැනි මුස්ලිම්වරුන්ට සියලු සිංහලයන් ගරු කරන බව ද ප්‍රකාශ කළේය. මොහිදීන් බෙග් අවසාන මොහොතේ සිය පුතුට කීවේ මේ රටේ අවසාන සිංහල බෞද්ධයා ද ජීවත් වන තුරු උඹලාට බඩගින්නේ සිටීමට සිදු නොවනු ඇත කියා බව මේ රටේ මුස්ලිම් නායකයන් තේරුම්ගත යුතු යැයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්න්ය.

පාපන්දු ක්‍රීඩාවේ ප්‍රහාරකයා සහ ආරක්ෂකයා ලෙස දෙපිරිසක් සිටින බවත් හොටෙල්වල දේවස්ථානවල සහ සයින්දමරදුවල මරාගෙන මැරුණේ ප්‍රහාරකයා බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා රිෂාඩ් බදූර්දීන්, මුජිබර් අහ්මාන්, හිස්බුල්ලා, අසාද් සාලිලා කිඹුල් කඳුලු සලමින් උපක්‍රමික ලෙස ආරක්ෂකයාගේ භූමිකාව ඉටු කරන්නේ දැයි තමන් විමසා සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.

ඉස්ලාමයේ ගමන්මග වැටී ඇත්තේ ස්වදේශික අන්‍යාගමික ජන කොටස් විනාශ කරමින් යන ත්‍රස්තවාදය ඔස්සේද යන බරපතළ සැකකය ජන හදවත්වල රැව් දෙන්නට පටන්ගෙන ඇතැයි හෙතෙම පැවසීය. මේ වන විට රට පුරා මද්රාසා පාසල්වල මුස්ලිම්වරයකුගේ උත්තම කුසල කර්මය අන්‍ය ආගමික කොටස් විනාශ කරන ජිහාඩ් මෙහෙයුම දියත් කිරීම යැයි උගන්වන බව ද එහෙයින් මද්රාසා පාසල් බුර්කා ඇතුළු අන්තවාදය පරාජය කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස