මැතිවරණයේ දී පොහොට්ටුවට දිස්ත්‍රික්ක 18ක ජය! වැඩි ඡන්ද ලක්ෂය ඉක්මවා ගිය දිස්ත්‍රික්ක 16යි!

August 8, 2020 at 10:05 am | by emanisa.lk

මෙවර මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් මැතිවරණ දිස්ත්‍රික් 18න් 16කින් ම වැඩි ඡන්ද ලක්ෂය ඉක්මවා ලබා ගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද ප්‍රමාණය 522,078 ක් වන අතර එය වැඩිම පරතරයක් ඇතිව ජයග්‍රහණය කළ දිස්ත්‍රික්කය වේ.

දෙවැනියට වැඩිම පරතරයක් ඇතිව ජයග්‍රහණය කළ දිස්ත්‍රික්කය වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. කුරුණෑගල වැඩි ඡන්ද ප්‍රමාණය 405,105 ක් කි.

ගාල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇත්තේ ඡන්ද 314,878 ක පරතරයක් ඇතිවය.

කොළඹ, කළුතර, මහනුවර, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, අනුරාධපුර යන දිස්ත්‍රික්ක ජයග්‍රහණය කර ඇත්තේ ලක්ෂ දෙකකට වැඩි වැඩි ඡන්ද ප්‍රමාණයකිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස