මහ බැංකු චූදිත ලැයිස්තුවේ පළමු වැන්නා ලෙස අගමැති රනිල් නම් කළ යුතුයි!

June 15, 2019 at 8:52 am | by emanisa.lk

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව නම් කර ඇති චූදිතයන්ගේ ලැයිස්තුවේ පළමු චූදිතයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ නම් කළ යුතු බව කෝප් කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එසේම මෙම වංචාවට අදාළව දැනට නම් කර ඇති නම් කර ඇති චූදිතයන් මෙන්ම එය මෙහෙය වූ සහ ඉන් වාසි ලබා ගත් දේශපාලකයන් අනිවාර්යෙන්ම අධිකරණයට කැඳවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

එසේ නොකරන්නේ නම් මෙම පරීක්ෂණය එක පාර්ශ්වයක් පමණක් බවට සැක මතුවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම ගනුදෙනුව පුරා අගමැති රනිල් වික්‍රමසිංහගේ භූමිකාව පැහැදිලි බව ද හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස