මහ බැංකු කොල්ලය වගේ දෙගුණයක් රටට අහිමි කළ රාජිතට චීන සිගරට්වලින් ගොඩ යන්න ජනතාව ඉඩ දෙන්නේ නෑ! – GMOA (video)

June 19, 2019 at 10:42 am | by emanisa.lk

ඇමති මංගල සමරවීර චීන සිගරට් ආනයන කතාව පවසා සති දෙකක් වන බවත් හදිසියේ අවදී වූ රාජිත සේනාරත්න චීන සිගරට්වලින් ගොඩයෑමට උත්සාහ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය පවා අනුමත නොකළ ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ තොගයක් මෙරටට ගෙන්වා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න රු.කෝටි 10ක පාඩුවක් රටට සිදු කළේ යැයි ද මොහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එය ප්‍රමාණවත් නොවන්නේ දැයි එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ ප්‍රශ්න කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බලපෑම් මත මෙම බාල ඖෂධ රෝගීන්ට නිර්දේශ කිරීමට සිදු වූ බව පිළිකා රෝහල් අධ්‍යක්ෂවරයා ජනාධිපති කොමිෂන් සභාවට ගොස් පිළිගත් බව ද ඔහු හෙළි කළේය.

ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි කළ ප්‍රමිතිය සහතික කළ අඩු මිල ඖෂධ ප්‍රතික්ෂේප කර මෙම අධික මිල ප්‍රමිතිය සහතික නොකළ ඖෂධ තවමත් රටට ගෙන්වන බවත් එමගින් මහ බැංකු බැඳුම්කර මංකොල්ලය මෙන් දෙගුණයක පාඩුවක් රටට සිදුව ඇති බවත් ලේකම්වරයා හෙළි කළේය. ඇමති රාජිත ඇමති ධුරයෙන් පහ කර නීතිය හමුවට ගෙන යාමට මෙම චෝදනා ප්‍රමාණවත් නොවන්නේ දැයි ඔහු ප්‍රශ්න කළේය.

ජාතික ඖෂධ අධිකාරියේ සභාපති රූමි මොහොමඩ් ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කළ ද එම තීන්දුව නොතකා ඇමති රාජිත ඔහු පත් කළ බව ද මෙම අපරාධවලින් නිදහස් වීමට චීන සිගරට් ගැටලුව යොදා ගැනීමට ඇමතිවරයා දරන උත්සාහය පරාජය කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවත් ජනපති අගමැති නෑසු කන්ව සිටින්නේ නම් ජනතාව වෙනුවෙන් රට පුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම හැර විකල්පයක් නොමැති බව ද හෙතෙම අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස