වේළුපිල්ලේ ප්‍රභාකරන්ට රටෙන් කෑල්ලක් දී යුද්ධය අවසන් කිරීමට එවක ආණ්ඩු කටයුතු කරමින් සිටි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
හමුදාවේ චිත්ත ධෛර්යය විනාශ කරමින් සාම සාකච්ඡා මාර්ගයෙන් යුද්ධයට විසඳුම් සෙවීමේ දී ඊට එරෙහිව කටයුතු කළේ තමන් බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.
කොටි ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළ යුතු බව ප්‍රකාශ කරමින් හමුදාවට චිත්ත ධෛර්ය ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව ද ඔහු අවධාරණය කරයි.
ගම්පහ ප්‍රදේශයේ ඊයේ (27) පැවැති ජන හමුවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.