මරණ දඬුවම වළක්වන අතුරු නියෝගයක් ඉල්ලයි!

June 28, 2019 at 4:17 pm | by emanisa.lk

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර ඇත.

මලින්ද සෙනෙවිරත්න විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා සහ නීතිපතිවරයා නම් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස